තනි මනසක | Thani Manasaka - Romaine Willis

තනි මනසක පාළු මකාලා මට මොනවද මේ කෙරුවේ

යළි පිටවෙන පාර වසාලා නවතිනු බැරිදෝ තුරුළේ

හිත හුරු නැත මේව දරලා මට හැඬවෙනවා රහසේ

මට බොරු කෙරුවාට කමක් නෑ නුඹගේ හිත මාගේ


නුඹ ළඟ ආදරෙන් නැළවෙනා එකම කෙනා නොවේ කියා

නුඹ දෙන චාටු හාදු අතරේ මට දැනුනා

හැබැහැට පේන හීන බිඳලා නුඹ පිට වේද මා දවා

කලියුග ප්‍රේමයේ තනිවෙලා මා හිඳිනා


මායාවක මා පාවෙනවා සේ දැනෙනා විට මා

ආ මේ දුර ප්‍රේමේයි හිතුවා

රූරායන දෑසේ ගිලිලා මා නොනිදා නිදනා

හෝරා දින සති මාසේ ගෙවෙනා නොදැනුනා


නුඹ ළඟ ආදරෙන් නැළවෙනා එකම කෙනා නොවේ කියා…

Previous Next

نموذج الاتصال