ආලෝකේ | Aloke - Dhanith Sri

වරලේ නුඹේ සැලුනා

නෙරියේ නුඹේ රැඳුනා

සිහිනේ නුරා දැනුනා මා

අඳුරේ නුවන් තෙමුනා

සිතුසේ හැඟුම් ගලනා

මිහිරාවියේ සඳසේ පායා


අඳුරේ.. නුඹෙ නුඹේ රුව මැවුනේ

හදේ හදේ හද බැඳුනේ

නුඹේ රූපේ

සොඳුරේ.. නුඹෙ නුඹේ සිත දැනුනේ

හදේ හදේ හද මැඳුරේ

නුඹයි ආලෝකේ


සඳ එළියේ පේනා

දෙව්දුවකි මා හා

නිල් දෙනෙතින් රහසයි පවසනා

අඳුරේ එළිය වීලා

ලංවී ඉන්න මා හා

ආශා නැද්ද ක්ෂිතිජයේ නිම් සොයා


නින්ද නේන හේතු කාරණා

රූ මැවෙයි ඈගේ රැයේ දිවා

ආකහේම තාරුකා වෙලා

නුඹ මා.. ළඟින් හිඳින් සදා


අඳුරේ.. නුඹෙ නුඹේ රුව මැවුනේ

හදේ හදේ හද බැඳුනේ

නුඹේ රූපේ

සොඳුරේ.. නුඹෙ නුඹේ සිත දැනුනේ

හදේ හදේ හද මැඳුරේ

නුඹයි ආලෝකේ

Previous Next

نموذج الاتصال