තරුවක පාවෙලා ද යාවුනේ කියන්න ඈත
මිදුනම මා කෙරෙන් ඒ හාදකම් දැනේද කෝම
දැනුනේ පමාවෙලා ද ආදරේ නුඹෙන් ලැබූව
අහසම පාලුවී ගිහින් මා අන්ධකාරේ බෝම
මේ මාවතෙන් එහා
හමුවේවිදැයි කියා
ඉඟියක් නොලත් හිතින් දරාන තාම ඉමි බලා
සංසාරයේ පුරා
ඔය රූ හිතේ තියා
මතු භවෙක හෝ තියාන යමි මේ ආලකම් ලියා..
මතක ළඟ තියාන මං විඳිමී නුඹේ සිනා
පෙරදාක ඒ හිනාව කෝම මඟ හැරීද මා
තනිය නොදැනුනා නුඹ ළඟින්ම වුන් නිසා
කවදාක ඒද තනියට තනිකම මකන්න මා
මේ මාවතෙන් එහා…