ඉතින් මම ඉන්නවා | Ithin Mama Innawa - SANUKA

සඳේ නුඹ ඉන්නවා

මගේ හද තාරුකා මැදුරේ

සඳේ මට පේනවා

නුඹේ රුව මා හදේ ගැඹරේ


අනේ මං ආදරෙන් නැහැවූ

හදින් රුහිරේ ගලා වැගිරූ

ඉතින් මම ඉන්නවා

අසල්වැසි තාරුකා මඬලේ

කුණාටුව ආ දිනේ හෙල්ලී


බිඳීගියේ ආදරේ සුන්වී

හමා ගිය මාරුතේ එල්ලී

කොහේ ගියෙදෝ මගෙන් වෙන්වී

අනේ මං ආදරෙන් ඔපලූ


හඬින් රැව්දෙයි වදන් තෙපලූ                

ඉතින් මම ඉන්නවා

නුඹේ හඬ නෑසෙනා මානේ

සදාතන පෙම් කතා අතරේ


අපේ පෙම මැකීයයි කතරේ

නුඹේ සුවඳින් පිරී හසරේ

හඹා එමි හැම භවේ සසරේ

අනේ මං ආදරෙන් ඇදහූ


රුවින් රුදු වේදනා කැඳවූ

ඉතින් මම ඉන්නවා

නුඹේ රුව නොපෙනෙනා මානේ

සඳේ මම ඉන්නවා


නුඹේ රුව නොපෙනෙනා මානේ

නුඹේ හඬ නැසෙනා

අසල්වැසි තාරුකා මඬලේ

Previous Next

نموذج الاتصال