NAMASKARE (නමස්කාරේ) - BIG DOGGY ft. RAMIYA

අම්මා උඹවත් කුසේ තියන් පන්සලේ බෝධිය ගාව

වැන්ඳා සතියක් පුරා නොකඩවා බෝධිය නාව නාව

අංගුලිමාල පිරිතත් අහගෙන කුසයෙන් එලියට ආව

දැකලා නැත්තෙම උඹලා පන්සලේ මහ කරුණාව


බණට මළගමට වෙනසක් නැතිවයි වැඩියේ

සමහරු ගුණ කඳ වැණුවා දංකුඩටත් අඩියේ

අකම්පිත මනසින් පන්සලේ ලඟ පඩියේ

බෝපත් එක්කම ඉන්නවා සිංහයා තාම කොඩියේ


නංගිත් එක්කලා කතා කරලා ෆොටෝ එකක් ගහලා

Likes බලාගෙන හවස් වෙද්දී Facebook එකේ දාලා

සම්මා ලව් පෝස්ට්වලින් සම්මානයකුත් දීලා

ඒත් නොවේ දුකකදී උඹලට පිටුපාලා


ඇහෙන් එහා ලෝකයේ තවත් දේවල් බොහෝ ඇති

වටාපතින් කතා ඇති පිළිතුරක් නැති

කෑවේ මකුණයි උඹලා ඔක්කොම මකුණන් මරන්නැති

ඇල්ෆා බීටා උපාසක FB එකේ නිවන් යතී


නොදුන්න උන් අදින්න පුබ්බක පැත්තේ

නොදන්න බුදු බණ කතා කියද්දී රිදෙනවා චිත්තේ

සුදින්නයි උදායී ගැනයි මොනාද කියෝලා ඇත්තේ

බුදුන් දවසේ වෙලාවටයි FB තිබුණේ නැත්තේ


සංසාර චාරිකාවේ දුටු පින්සාර දර්ශනේ

සන්තාන ගිල්වමින් නිවූ සද්ධර්ම සාගරේ

නිර්වාණ මාවතේම ගෙවෙනා ආර්ය ජීවිතේ

පුණ්‍යාර්ථයේ ප්‍රභාතයක් සමාන ලෝකයේ


බුදු බණ වෙනම තැනක උඹලා හෙවුවෙම ආතල්

ධර්මය දෙසන තැන වටකරගත්තේ බෝතල්

ෆොරින් කකුල් වගේ ලෝකල් ඇද ඇද බේගල්

සංසාරෙම සීරියස් පුතා උඹලට දිල්තෝ පාගල්


එයා කරන පව් එයාට මොකෝ මගුල් වෙන

හිතා උඹ හිත හදාගනින් දැනගෙන

මේ දර්ශනේ වෙනම එකක්  කෙලෙස් උගුල්ලන

දහමට වඩා මුන් දැක්කේ ඒලියන්ස්ලා උඩයන


ගම්බාර දෙයියෝ වාගේ රැකගත්තා ගම්මාන

නිර්මාණ එක ඔළුවෙන් කෝ සම්මාන

අම්බානක් සුදුවතින් දඩමස් හංගාන

ලොං ගාණට මහණ වෙද්දී දැක්කේ නැද්ද අං ගාණ


හොඳ නරක කෙස් ගහක පරතරේ ඇතේ

හතේ හත හිඳුනවුන්ටත් හරි ගිහින් ඇතේ

අතේ සතේ නැතිවුණත් අම්මා කිවුවා පුතේ

බුදු හාමුදුරුවෝ හිතේ පිරිත් නූල අතේ


හරවන්නයි සිවුරු පොඩි වරදක් දැක්කොත් හරි

ඔරවන්නෑ ගොරවන්නෑ සිංහයෝ ළඟදී නරී

පුරවන්න බැරි කොටුවක් ගැහුවට ඉරී

ගරහන්නයි ලේසී හැබැයි පොරවන්නයි බැරී..

Previous Next

نموذج الاتصال