ස්වර | Swara - Zany Inzane

වචනෙත් පරිස්සමෙන් බිත්ති වලත් ඇති කන්

ඒ දේවල් ඕනතරං අත්විදලා ඇති මං

ලැබුන තෝරාගැනීම් බහුතරේ බහුවරණ ප්‍රශ්න වගෙ

ගොඩක් එක සමානයි අමාරුයි

ලැබෙන්නෙ හදනං අල්ලන්න හිතෙන්නෙ අඟහරුයි

ඒ තමයි ගේම ලැබෙන්නෑ කාටත් හැමදේම

ඔව් සමහරු තනි අතින් ගේම ගහයි

ඒත් තව සමහරු දෑත තියන් අතපායි


මේ ලෝකේ මාරයි

සමාන නෑ ඇගිලි පහ

නිධාන පහල උනේ නෑ මට හතරමහ

තාමත් පුලුවන් බෙදාගන්න ගහන කාලෙනුත් කාලක්

රියල්ම යාලුවො ඉන්නෙ සීයට ගානෙනුත් ගානත්

අශුද්ද එවුන් ගාවත් තියෙයි දේවල් ශුද්ධ

උන් දන්නෙ නෑ ප්‍රාණෙ වෙනකන් නිරුද්ධ

ආසයි මිනිස්සු පෙන්නන්න තමන් ප්‍රබුද්ධ

ඒත් හර්දශසාක්ශියට විරුද්ධ


දෛවෙ මාර ආතල් කොහෙන් ඇනුවත් කොලේ joker

ඒ කාලෙ මේ කාලෙ කියලා නෑ ඒවා වෙනසක්

දකුණු පාදෙ යනකන් ඇඟෙන් වම් පාදෙ දන්නෑ

සදාකාලික දෙයක් මං දකින්නෑ

වදන් ගේම easy වගෙ ඇන්තනීට මැන්ඩලීන්

කියලා දෙන්න කලින් අහලා එන්න century

තාම ගෙම අල්ලං ඉන්න strong mentaly

සන් සුන් කලේ මාව ගල් මුල් එල්ලවීම්


අතේ නැතත් සල්ලි කොළේ

මං විකිණෙන්නෑ පොලේ

ඒකට ඉඩදෙන්නෑ මොළේ

විනය තීරණේ කරයි දිනන දිනය

හීනය නෙවෙයි රූපවාහිනී තිරය


සල්ලිත් එක දෙයක් විතරයි ඒක නෙවෙයි තරඟේ

මම විකුණන්නෙ කන නෙවෙයි මතකේ

නොලද දේවල් හීන කලේ මම ලදදේ

ගඟ ගලන්න දීලා බලන් ඉන්නවා වෙනදේ

පපුව පාරක් දුමෙන් දැම්මා තාර

මං මාර කැප උනා වෙන්න මේ රැප් මාර

තිරිසන් ගතිගුණත් දිලිසෙද්දි රන් සේ

මිනිස්සු කරපු ධාතු වැඩ නෑ ධාතුවංසේ


නිරායාසයෙන් ලැබෙද්දි ආත්මාවබෝදේ

යාත්‍රාවෙන් එහා දැක්කා ආන්ත්‍රාවක් මුහුදේ

හිටියත් මොන තත්වේ මරපං මමත්වේ

කාටවත් වැඩක් නෑ උබෙ ලේ වල ඝණත්වේ


අවසිහියෙන් එදාමං අමාවකේදිත් හද හෙව්වා

උබ යන පාර කෙටි මට අහස කිවුවා

ඇඟ ඉල්ලුවෙ නැති දේවල් හිත නිසා බිව්වා

ඒ අවසිහියෙන් ඉද්දි දැනුන හැමදේම ලිවුවා


තණ්හාව ලෝකේ සාතන් අවුව වගෙ රාස්සිගේ

මේ දේවල් දිලිසෙද්දි එනවා ආසාවක් හිතේ

ලැබෙන දේවල් වලින් පුලුවන් මට සෑනෙන්න

ඒත් මම බීරෙක් නෙවෙයි ගෙදර ප්‍රශ්න නෑසෙන්න

අංක ගහපු කඩදාසි හිස් කරද්දි ආමාශේ

මං හිතුවා ගොඩක් දේවල් බලාගෙන ආකාසේ

ඇයි මං දුවන්නැත්තෙ පිස්සුවෙන් වගෙ ඉබාගාතෙ

ඇයි සමාන අරමුණක් නැත්තෙ අනිත් උන්ට වාගේ

විශ්වාස කරන්නෙ මං ආත්මෙට දැනෙන දේ

මං දන්නෑ වැරදි දේ ඒවගෙම හරිම දේත්

දන්නෑ මං ස්වර හතෙන් පස්සෙ දෙයක් සංගීතේ

මං දන්නෙ ලියන්න මේ දැනෙන දේ හදවතේ


උනත් අද fucked up

පපුව තාම ලබ් ඩබ්

කැපවෙනවා තාම හීන කරගන්න අත්පත්

මේ වත්මන් මත් මං

මනෝකාය නෑ ඇගේ සරීරෙයි කලේ සක්මන්

කිසිදෙයක් ලබාගන්න වෙන්නෙ නෑ මං ඉක්මන්

ඉවසන්නම් එතෙක්මං

සම්මාදන් වෙන්නෙ නෑ මං ආයෙත් එපා හවුලෙ කැද

වැඩක් නෑ එලියෙ දේවල් ඉද්දි මම රවුම මැද

මං පාරක් හදාගත්තා මිසක් දෙයියො මැව්වෙ නැත


ඕනෙනං යන්න කාටවත් කියන්නෑ යන්නෙපා

ගැලෙපෙන්නෙ නැත්තන් හලලා දානවා අවුලක් ගන්නෙපා

කියන්නෑ කාටවත් මං ගාවට ලං වෙන්නෙපා

ලඟින් ඉදපන් හැබැයි වේදනා දෙන්නෙපා

Previous Next

نموذج الاتصال