ලවන් නුඹේ පුරා
කියූ පෙම් කාරණා
රටා තබා ලියා
සැඟවිලා මා ගොළුවෙලා
සවන් නුඹේ පුරා
හීන මාලිගා සාදා
කීව කාරණා බෝමා
තව නෑසෙනා
පාරා තුඩින් සේයා
රූරා ගලයි දෝවා
අවශේෂයන් හද වේදනා ගේන
ඡායා කඳුළු හොවා
මතකය රිදුම් ගේනා
කිමදෝ තවත් ආශා
හිත අවුලුවා
මා හැරනොයා ඉන්නෙ
ඇයිදෝ නුඹම මෙදා
නුරා සඟවාලා
නිවා අවුලාලා
නොයා නැවතීලා
නුඹ ඈත පාවෙලා
වරා මල්සේමා
නොයා ඉගිලීලා
නිමා නොම ගේන
නුරා මත් හීන
රිදුමන් තවරනා
නුඹ ගියා ඈත
මා තියා මෑත
තවරලා වේදනා
මා ළඟින් පෑව
නුඹ මැවූ මතක
වියවුල් කාරණා
පාරා තුඩින් සේයා
රූරා ගලයි දෝවා
අවශේෂයන් හද වේදනා ගේන
ඡායා කඳුළු හොවා
මතකය රිදුම් ගේනා
කිමදෝ තවත් ආශා
හිත අවුලුවා
මා හැරනොයා ඉන්නෙ
ඇයිදෝ නුඹම මෙදා