1760 (Prison Story) - Sosa Lean

1760 අපරාධ අංකේ

හිරකාර සල්ලාලුන් වාට්ටු අස්සේ

අපෙ ගම වගේ උනා බන්ධනාගාරේ

මගෙ උන්ගෙ සැලකිලි බෝඩරේ ආරේ


කාර පාටියෙ සැලකිල්ල පසියා කාෂ්‍යපයා

ජනියා මගෙ පැත්තෙන් හිටියා

වාට්ටු ගානෙම මගෙ නමත් ඇහුනා

AJ ගේ පාටා හුත්තෝ තවත් පැති හැදුනා


වරෙන් වරෙන් ගාපන් මේ ලෝකල්

තියන විදිහටනෙ අපෙ බෙදන් කැමත් නෑමත්

ගෙවල් වගෙ තමා කොල්ලො හිටියෙ නෑ තාමත්

වචනෙකින් අඩුපාඩු කරෙ නැ බං තාමත්


පාලු නැ කුඩුව අස්සේ මගෙ කටෙ සද්දේ

පිලිගත්තේ රැපක් ගාලා පැහැදිලි තත්වේ

දුකක් දැනෙ එක දුකයි හදවත අස්සෙ

මම බැස්සත් මගෙ උන් කූඩුවක් අස්සේ


එක දෙයයි දෙවියනේ තරුනයි හදවතින් ඇයි මුන්ව හිර කලේ

මිනිස්සුනේ පොදුයි වැරදීමෙන් දෙයක් කලේ

සියවසක් ගියත් පුතා එන්න අම්මා පිනක් කරේ


සුදුපාට කිට ඇදන් අච්චු ඒ කාලේ සත්තු

වැරදි තමා කලේ හිරවෙද්දි දැනුනු

පසුතැවිල්ලෙන් ගෙවුනු

බිත්ති වල ඇදුනු

රූප කියයි සමාවෙන්න හදවතින් තැවුනු


කාකි කිටෙන් නිල ලත්තු මානයෙන් ඇවිදිති

නමට මහත්මා උන් වෙස්ගත් සුනකයින්

අපි වැරදි අපි ඒවා පිලිගනි හිරවුනු හදවතින්


එකෙක් දෙකෙක් මුමුනාවි ලගදිම එලියේ

තව එකෙකුට නඩු දිනේ තීරනේ

නැහැ දින ගැන්නේ හිත හදාන හිටියේ

මේ අන්ද වුනු නිතියකින් මිනිස්සුමයි තැවුනේ


වටවුනු තාප්පේ ගිනි රස්නේ

අපි කල පාපෙන් අපි පිච්චේ

තනිවුන පාරකි මග අවසානෙකි කවුරු වුනත්

පොලවට පස්වෙන දහමකි


මරනෙකි පස්සේ දඩුවමලු උරුමේ

ගෙවද්දි ජීවිතෙ ඇයි මෙහෙම කුඩුවේ

මේකතමා මගෙ අවසාන ප්‍රස්නේ

පිලිතුරක් නැතත් සමුගන්නම් මම කාරනෙන්

Previous Next

نموذج الاتصال