18 වන්නම් | 18 Wannam - Yuki Navaratne & Ravi Jay

මගේ හදවතේ ඔය

හැඩකාර කඩිසර

සැර ගමනට පණ ටික ගැහුනා

වෙන්න සහයක මට

නටමුද උඩරට

අපි දෙන්නා එක අතකට පැනලා


උඹ එනතුරු මම දත කට මැදගෙන

හවසට හන්දියේ කැරකෙනවා

හිත හිත ඉන්නකොට

ඔන්න එනවා

හයිය හිත බිදිලා ගියා


පණ හත මැණිකේ

අනෙ කේන්තියෙන් ඇයි

වැඩි උනා මට සාන්ද්‍රනේ

නෝන්ඩි උනු හිත පාන්දරම

හතරගාතේ


හාන්සි උනා මම

බූන්දියක රස වාගෙ

ඔය දෙතොලම පෑහේ


කේන්දරේ බලපාවි දෝ මට

අවසානේ


අද දවසම මට අවුල

ගිනි ගත්තා මහ මගේ රැවුල

අනෙමන්දා මේ සිත් තැවුල


18 වන්නම් කැරකෙන්නම්

දෙන්නම් හිත මං ගානේ

හවසට එහෙනම් මම එන්නම්

කෙල්ලේ උඹ එනවානේ…//


ඉස්සර බැදි පෙම තාම

හිතට සුවයි

මම පන්දර වෙද්දී ගුන දොස්

වටෙම ගොඩයි


මේ මොලේ හිස්

දැනුනේ ඔයා දැක්කමයි

නොහැකි තියා ඉන්න

හදවත පුස්කයි


ඉදහිට රවාගත්ත

කෙල්ලෙක් දැක්කා මෙ ලස්සන

මම ඇන්දා සිරිමත්ට

සාලේ මැද්දේ හිටගත්ත ගුණවත්

මං දැක්ක වන්නමෙගෙ පැනගත්ත

තනියට ඉන්න දෙන්නම්

බෙර පද මං ගානෙ නම්

මන්දහාස පෑවේ මට කුමකට දෝ

මේ අන්දකාරේ පාට වෙලා මොනවට හෝ

මං යන්න ආවේ ඈත පේන දූම කේතු

ලෝකෙක පාට කල අන්දකාරේ දේවදූති කෝ


18 වන්නම් කැරකෙන්නම්…//

Previous Next

نموذج الاتصال