ආදරේ ගැන | Adare Gana - Tharindu Damsara

ඔබ ඉන්න හවසට ආදරෙයි මම

මොහොතකට නෙත් අවදි කරගෙන

හුදකලා වී ඔබේ ලය තුර

සුසුම් පොදි නැගෙනා නිම්නයක

නිවාලයි ගිම්හාන ගිනියම

ඉන්න හවසට ආදරෙයි මම


ලිලී මල් හිනැහෙන වෙලාවට

වසන්තය මල්වරයි පාටට

හාදුවක රස දෙතොල් අද්දර

නිවාලයි ගිම්හන

නිවාලයි ගිනියම

ඔබත් නිහඩයි


රයින් ගං ඉම ආදරය ගැන

ලියූ නිසදැස් ඇසෙන ගොම්මන

ඈත කදු අතරින් හිනා වෙන

ඔබත් නිහඩයි

මමත් නිහඩයි

ලොවත් නිසලයි

Previous Next

نموذج الاتصال