කුමරියත් දැන් සැරසීලා ඇති
සිහින් තොල අග තියා
පුරුදු පැනයම අසන්නට
මට ආදරේ දැයි කියා
සිහිවුනෝතින් අවේලාවක
ආදරේ වැඩි නිසා
කඩුපුලක් ගෙන සරසමී වෙන
මල් පවා නැති නිසා
මල් වගේ ඇගෙ හිනාවත්
තොල් මතින් යන රටාවත්
බැලුවොතින් ඇස් අගිස්සෙන්
මා මත් කරනු හැක ඉතාමත්
සොදුරු දවසක දුර බලාගන
මල් තලාවක ඇවිද යන්න
එහෙම යන මග අහඹු තැන් වල
අත් දරාගෙන තනිව ඉන්න
ආස නැද්ද…..
විසල් ගස් යට මගේ උරමත
හිස තියාගෙන තරු ගනින්න
ආදරේ වැඩි වෙන වෙලාවට
තරු නෙමේ මා දෙස බලන්න
ආස නැද්ද…..
කුමරියත් දැන් සැරසීලා ඇති
සිහින් තොල අග තියා
පුරුදු පැනයම අසන්නට මට ආදරේ දැයි කියා
සිහිවුනෝතින් අවේලාවක
ආදරේ වැඩි නිසා
කඩුපුලක් ගෙන සරසමී වෙන
මල් පවා නැති නිසා