බාලොලි | Baloli - Janana ft. Kesavan Thangavadivel

මල් පාව යාවී වැහි කෝ මන්දාරම් වෙලේ

නැවතී බලාවී නුඹගේ තුරුලේ

බිඟු රොන් හොයාවී නුඹගෙන් දුර යාවී ආයේ

හොරැහින් බලා වී නුඹගේ දෙතොලේ


මේ මෝසම් මා වරුසාවේ

නුබෙ දෙකොපුල් පිණි බැඳුනාවේ

ආගිය තැන් මල් පොදි පිපිලා

ඉල් මා වැහි හැලුනාදෝ


මෝසම් මා වරුසාවේ

නුබෙ දෙකොපුල් පිණි බැඳුනාවේ

ආගිය තැන් මල් පොදි පිපිලා

ඉල් මා වැහි හැලුනාදෝ


බාලොලි මල් නෙක පාටින් පිපිලා

වසත් සමයේ හුඟක් දුර

අපි දෙන්නා ඇදිලා

සංසාරයේ අතර මග


නෙක පාටින් පිපිලා වසත්

සමයේ හුඟක් දුර

අපි දෙන්නා ඇදිලා

සංසාරයේ අතර මග


මන්දාරම් වැහි ළංවෙනකන්

මග බලමින් උන්නාවේ

බාලොලි මල් දම් නුඹ එනකන්

හිරිපොද අග ගෙතුනාවේ


දකින තැන් අදිමදි කර කර

නුඹ යන බව දැන වැහි මට පාර කියන්


වැටෙන මල් පෙති එක තැන තැන

හිරිකඩ නුඹ ගැන ලියුවට කවි මෙතරම්…

Previous Next

نموذج الاتصال