ආරම්භය
පොඩි එවුන් හොරෙන් බැලුවා
ඒත් වැඩිහිටියන්ට පමණි
අතඇරිලා මිසක්
මම පමාද නෑ සටනින්
දරුවන්ටයි සමාව
වැටහුනා ආපු ගමනින්
වයිද්‍යයවරයා වැදගත් වුනේ
රෝගියාට පමණි
එසේම – දර්ශනය සහ විශ්වාසය
අනාවැකිය දෙන්නෙ මං දර්මෙන්
සහසිකෙන්
හැමදාම උබලා බැලුවේ
එදා ගහපු සහතිකෙන්
මහ මුහුද සාපයක් නම්
මං ඒකේ නාවිකයෙක්
ආඩම්බරෙන් කියන්නේ මං
ක්‍රිස්තු අනුගාමිකයෙක්
ආගම හෙවනැක්කල් මං
බයනෑ කිසි දේකට
පුරුද්ද ආවේගෙට
ඒත් හුරු වුනා විවේකෙට
තවද – මිනිසුන්, වෛරය සහ ආදරය
ජාති ජාති මිනිසුන්
වයිරය ගෙනාවා ප්‍රේමෙට
ජේසුවත් පාවා දුන්නේ
රිදී කාසි 30කට
වහින දාට දකී උබත්
වහලේ තියන හිල
මේ මැරිලා යන ජීවිතේ
වැඩක් නෑ මට පිලක්
ජීවිතේ ශුන්‍යය තැනක
අර්තය තනි නිලක්
එදා තීන්දුව දුන්න අත
හෝදගත්තා පිලත්
අනතුරුව – අත්දැකීම් සහ අවබෝධය
මං එක්තරා රෝගී තත්වේ
කියලා දුන්න බෝදියේ
ඇස් දැක්කත් පරතරය
කකුලෙන්මයි එලෝගියේ
දුක තමයි තිබ්බේ
බීමත්කමයි ජෝගියෙයි
වෙනස වටහා ගත්තා
අයිස් කැටෙත් ලෝදියෙත්
ගත්ත දේවල් නෙවෙයි
දකින්න ඕනෙ ගෙනිච්ච දේ
මුලින් ආවේ කවුද
මේ කිකිලී ද බිත්තරේද
ඉන්පසු – ජීවිත ප්‍රශ්න සහ දහම
මේ ගංගාවේ පවුකාරයෝ
තව බවුතීස්ම වෙච්ච දෙන්
ලිව්වේ නෑ හිතිච්ච දේ
මේ දැක්ක දේ
අත් දැක්ක දේ
සාමෙන් මැකීයන මේ
ආදරේ වැකීයට
හයිය හොදට බලලා
මම දැම්මා යට ලීයට
ප්‍රාර්ථනා හිතන්නෑ මම
දේවතා එලියට
ආශිර්වාදෙ ලැබුනේ
මේ දහමෙන් කීයෙන් කීයට
තවද – යුද්ධය, සිහිය සහ සත්‍යය
දැන් ආස නෑ මං පිහියට
ආවා හොද සිහියට
යුද්ධය ගැන දන්න නිසා
භය වෙන්නෑ හීයට
උනුත් වැරදි වැටුනු තැන්
මුසු උනා ගීයට
පලවෙනි ගල ගනින් ගහන්න
පවුකාර ස්ත්‍රියට
තොපිට බොරුව නේ ලොකූම
මට ඒකයි කැක්කුම
වැලදගන්න මේ එන්න
මේ තමයි බැතිස්තාපු කුලුන
අවසානයේ – ආගමික සංකේත සහ උතුම් බව
ස්ත්‍රියට එකතු වූන
පාපයට වහල් නොවූන
වෙරෝනිකා පිසදැම්මා
වගේ ශ්‍රී මුහුන
රිද්දුවාම වමට
මම හැරෙව්වා දකුනත්
අහස ගුගුරා
හදවතට වැදුනා අකුණක්
ගෝශාව වැලකූවා
ක්ෘත ගුන සැලකූවා
කඩා වැටුනු මාලිගාව
දවස් තුනෙන් ගොඩ නැගූවා
අවසන් පණිවිඩය
මාර්ගය කියවූ බිදුන්ට
හිත කොච්චර උතුම්ද
ජේසුන්ට වගේ තමයි
මම ගරු කරනවා බුදුන්ට
ලග ඉන්න මිනිස්සු
උඹ ඇද වැටෙන කල නෑ
යාලුවෝ ඒ කල නෑ
අත්තික්කා ගහේ පල නෑ
අදුර හෙව්ව මිනිස්සුන්ට
ජීවිතේම රෑ වුනා
වයිරය වැලද ගත්තා
පාපයද ගෑ වුනා
ධර්මය දැක්කා
ඒ ධර්මයම නෑ වුනා
ප්‍රාතිහාර වෙන්න ගත්තා
රතු මුහුද දෙබෑ වුනා