දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්ට යන සැටි බලන් කළු
සේලේ ඇඳලා නෙරිය තියාලා
මිඳුලේ සක්‌මන් කරයි කළු
Yo koha
Drop the koho
ඉවසුවා කලක් අපි බොහෝ
කොල්ලො චිල් කෙල්ලො ඔංචිලි
අලුත් සේල ඇඳ ගෙන දිලි දිලි
චීත්තේ මල් මල් ඇඳ ගෙන
කනේ අරුංගල් බැඳ ගෙන
ගමේම වල් පල් අහ ගෙන
වරෙන් මගෙ එකී
ඇස් වහක් කට වහක් නොවැදිලා
අවුරුදු කුමරිටත් ඉඳලා
ඔටුන්නකුත් දාගෙන
උඹ වරෙන් මගෙ එකී
මගෙ අවුරුදු කුමරී
හිනා වෙයන් ලැජ්ජාවෙන් ඇඹරී
අදවත් දීපන් මට බහක්
උඹ නැත්තං මේ බක් මහ හබක්
දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්ට යන සැටි බලන් කළු
සේලේ ඇඳලා නෙරිය තියාලා
මිඳුලේ සක්‌මන් කරයි කළු
දහසක් දීලා වළලු තනාලා
දෑතේ අතලා බලයි කළු
දුනුකේ මල සේ උළුගෙයි ඇඳ පිට
ඔළිඳ කෙළින සැටි බලන් කළු