එක දවසක් හැන්දෑවක නුවරට එන්න
වැව් දිය තරමට වැඩියෙන් සෙනෙහස දෙන්න
එදා වගේ තව දවසක් නුඹව දකින්න
පොරි අහුරට ඇදිලා එන මින් පේලි
සියොතුන් රෑන් තුරු හිස් මත හුන් පේවී
පියවර මැනපු අපි ඇවිදන් ගිය වීදී
මතකය තවම තරුණයි නෙත් ඇත දිය වී
නුවර වැස්ස ආවත් මා තෙමාගෙන
ඉහලන කුඩය නෑ අද අත දරාගෙන
වැව් දිය මතින් රැලි දහසක් මවාගෙන
ප්‍රේමය ගිහින් උඩු හුලගේ ගසාගෙන