එකපාරක් | Ekaparak Awilla Yanawada - Malith Sanjaya

නුඹ තාමත් එදා වගේම

දැනෙනා බව කියන්න ඕන

එක පාරක් ඇවිල්ල යනවාද


ඔය ඇස් දෙක දිහා බලාන

සිය පාරක් නිවෙන්න ඕන

ඒ හැම දේ කියන්න දෙනවාද


දුර යන්න යන්න දැනුනා

මම ආදරෙයි කියා

තනි වෙන්න ඕන හිතුනා

නුඹ එන්නෙ නැති නිසා


මගෙ දෑතට හසුනොවනා සේ

නුඹ හිටියා ඒ හැම හීනේම

මේ දෑසට කදුලැල් ආවේම

නුඹ මට හිමි නැති බව දැනුනාම


මද පවනක් වෙලා පියඹා එන්නම් සොයා

මා වෙනුවෙන් සදා ඉන්නවානම් බලා

සතුටින් එදා නුඹ මට දුන් ඒ සිනා

මුවගින් උදුරලා ආයෙ අරගෙන ගියා


නුඹ දන්නවාද දන්නෑ

මේ ආදරේ තරම් ‍

යලි එන්නෙ නැද්ද

ආයෙ පැතු ජීවිතේ අරන්


මගෙ දෑතට හසුනොවනා සේ//

Previous Next

نموذج الاتصال