දන්නවද ආදරේ ගැන ඔයා
වැරදි නොකලත් වැරදිකරු මෙමා
මං කියා කෙනෙකුත් සිටි නිසා
රිදවන්නට හැකි වුනාද මංදා
නොදැනීම දෙවසරක් ගතවීලා
යලි නොඑන බව මං දන්නවා
හුරු පුරුදු මතකයක සිර වෙලා
දිවි ගෙවනවා මං තනි වෙලා
ජීවිතය ගැන මං ලියාපු
හීන පොත වගේ
මම වේදනාවෙන් ගෙව්ව දින ගැන
පවසලා තියේ
හරි ආදරෙන් නුඹේ නමත් එහි
ලියවෙලා තිබේ
යලි කාගෙ ගැන මෙසේ ලියන්නද
දන්නේ නෑනේ…
පෙරදාක මා ලග උන් කෙනා
රහසේම තවකෙකු සතු වෙලා
නුඹ දුන්නු ආදරේ මට කියා
එලෙසින්ම විදිනවා ඇති එයා
යලි නොයෙන පාරේ
එකට හමුවී ගැටුනොතින්
නුඹේ දෙනෙත් අනේ මට
සිනහ නොමවී දුර ඇදෙන්නට එපා
අපි කරදාහෝ
අපිව ආයේ
හදුනනා දිනක් එයි කියා
නුඹ සිතනවානම්
හැරෙන්නවත් එපා…
ජීවිතය ගැන මං ලියාපු…