Verse 1
ආකාසේ යන්න පියඹලා
ඔබගේ වදනට මංමුලාව
නුඹගේ දෑස සිහිවෙලා
සිත් යායම ඇවිලුනාට
අභ්‍යවකාෂ තරණයේ
එක නැවතුම්පලක් ගාව
අප හමුවී වෙන්වී…
Verse 2
අපගේ අවසානේ
ඇරඹුමයි මාගේ
අප හමුවී වෙන්වී…
නුඹව තාම දැනෙනවා
ඉඳහිට මං තනිවුනාම
කිමද තාම සිතනවා
මා හැරගිය කාරණාව
හීන තාමත් දකිනවා
නුඹ මා ළඟ නැති වුනාට
අප හමුවී වෙන්වී…
අපගේ අවසානේ
ඇරඹුමයි මාගේ
අප හමුවී වෙන්වී…
Verse 3
සඳේ මාගේ නොවුනාට ආකාසයේ
අතීතේ බිඳුනාට අපගේ කතන්දරේ
වෙන්වී ගියදා අඳුරේ අවකාෂයේ
කඳුලින් නිමවෙන්නේ නෑ අපගේ අවසානයේ