මා ප්‍රිය තෙපුලි
මා සිත් රුවනි
මා අනුරචනි
මා සිළුලුපුලි
ඔබමයි මා හස කුසුම
ඔබමයි මා හද සුපුල
පිනි දිය මගේ දිවි සැදූ…
ඔබමයි මා දිවි සැදුව
ඔබමයි මා හද දිනුව
භවයෙන් භවයේ මා පැතූ…
දනිමි හැදින්නෙමි සසර සරා
සුසුමේ උනුසුම කොපුල වෙලූ දා
මා දිනු සම්මානයයි ඔබේ හද
සදා රකිමි සිත් පතුලෙහි සගවා
මා දිනු සම්මානයයි ඔබේ හද
සදා රකිමි සිත් පතුලෙහි සගවා
ඔබමයි මාගේ තිදස
ඔබමයි මාගේ සදැස
ඔබෙ සෙවන පතමි සදා…
ඔබමයි මාගේ තිදස
ඔබමයි මාගේ සදැස
ඔබෙ සෙවන පතමි සදා…