කවුද ඔයා..?
කවුද ඔයා??
Ooooh….
Ooo…..
ආ…………..
පෙමින් වෙලී ඔබ
ඔබේම රුව වෙත
ගඟ දිය වෙතටම
දෑස් යොමා ගෙන
සිඳෙන තුරා දිවි
බවුන් වඩන්නද
මම දෝංකාරයයි
ඔබටම පෙම් බැඳ
ඔබ ලූහු බැඳ එන
සිඟමින් ඔබේ ආදරය
මගේ ආදරේ
ඒ ගඟදිය මත
දෝංකාර වී
මා වෙතටම එයි
ඔබට ඇසෙන්නෙ නෑ
කුමක් කරන්නද
මම දෝංකාරයයි…
I love you
I love you
දිය දම් කැඩපත
අවුල් කරන්නට
සිත් දෙන්නැහැ මට
පෙමින් වෙලූණු ඔබේ
හද පෑරෙන බව
දන්න නිසා මම….
මියෙන තුරා ඔබ..
මම ද… තැවෙන්නම්
ඔබට පිදූ පෙම
කඳුලූ නිම්නයේ
දෝංකාර දී මම ද මියෙන්නම්
මම දෝංකාරයයි…//