වැදි රජුට කඩුව දෙනු මැන පාවා දී
ඈතට වී මම බලා හිඳින්නම්
නුඹ යන විට මල් කුමරිට දෙනු මැන
මහසෙන් මැද යුධ ගිනි අවුලන්නම්
මහරුක් මුල හිඳ රති අඟ
පැර දූ මාර පරාජය සිහි කරවන්නම්
නුඹටම මරු වැල් ඇදි
නරසෙන් බිඳ යමදෙව් සුරපුර
මග පෙන්වන්නම්
මා නැතිදා වනයේ
නුඹ මග හිඳ නොබලන්
හිම ගිරි ලා අරණේ
නුඹ මගෙ වේදෝ
වැදි රජ මන්ද උනේ බලධාරී
ඇයිද නැත්තෙප්‍රේමෙ සද කිරණ අද පෑයී
තුරුලියත් අසරණයි කඩු පහරින්
ධනුද්දර ඉද්දි බලන් පතිදම් හමාරවී
අතුරක් අද ගාන්ධාර පුර අඹර වැස්සද
ප්‍රේමෙන් උනත් මන රංජිත
ආමුලාග්‍රව කුමරිය හේතුව වැද්දද
පන පලායද්දිත් මනමෙ වික්ෂේප
දවස යටගිය බරනැස මනමේ
සමානයි සකි චුල්ලධනුදධර
දෑසමානෙ සිටි සොර
දෙටුගාව කුමරි වෙනස් උන
වෙසගන වෙස් ගෙන
හිස අගිස්සෙන්ම වෙන්
කලානම් ලැබ ගනිමි සමාදිය
අසරණ ස්වාමියා මගදි දමාගිය
තිලෝගුරු සමෙත්
මන්ද නුඹම සහකාරිය
සත්‍ය අවභෝද වේද ඈට චතුරාර්ය