මේ අඳුර | Me Andura - Sandeepa Devshan ft. Tharindu Damsara

මේ අඳුර ගලන්නේ

අප ඇසින් වැලඳගත් ඒ දියඹ දෙසින්‍ ය

පෙර ගමන් අසන්නේ

මා තනිව දැක නුහුරු වළාකුළු ඇසින්‍ ය

තාම තතු කියන්නේ

රළ ඇවිත් මැකුණු පා සටහනක් විසින් ය

නමුත් මේ දැනෙන්නේ

සියළු දේ තාම ඒ විලස ඒ ලෙසින් ය


ගෙවා අහවර නොමැති

හුඳෙකලා හෝරාව

වසර ගණනාවකට සමයි

කල්පයක් පිරෙන්නට

අල්පයක් මතක ඇති

කල් ඉකුත් නොවෙනවා තමයි


තනිව ඇවිදිනා විට

අනෙක් පා යුගල කෝ

ප්‍රශ්ණකරනා වෙරළ ඉමයි

හැඬුම් බර සිනහවක්

දරාගෙන මුමුණගමි

නිමාවක් නිමාවෙන් නිමයි

Previous Next

نموذج الاتصال