පාව ගියදා පවනේ රැල්
ශේෂ වූ ඒ මතකේ මල්
යාවීලා.. හීනේ හා…
අහස කළඹා අඳුරේ කැන්
තෙමුණු දා අසණි වැස්සේ මන්
පා වීලා.. හීනේ හා…
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මන් නුරා නෙතු ඒ..
තනිවෙන්නම් මා
නුඹේ රුව සොය සොයා…
සඟවන්නම් මා
පෙම් හසුනක් ලිය ලියා…
ඉඩෝරෙට පොද වැහි වැටෙනා
තුරු බලාගෙන මා උන්නා
ඔබ නාව දා තනි වී මා
දෑතෙ උණුහුම සිහිවීලා
නිතර රහසේ ඉකිබින්දා
නුඹ නැති දා තනි වී නා..
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මන් නුරා නෙතු ඒ…
තනිවෙන්නම් මා…
සඟවන්නම් මා…
මගේ ලොවේ සිනා මැවූ නුඹ
ආයෙමත්, එකම එක වරක්
මතකයට බරක්
වෙන්නේ නැත්නම් කියාපන්…
වෙනදටත්, පුංචි රිදුමටත්, ලංව ඇඬු නුඹත්,
ලඟින් අද නැතත්
සිහිනයෙන් වත් කියාපන්…
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මන් නුරා නෙතු ඒ…
තනිවෙන්නම් මා…