පිනි මල් | Pini Mal - Mahiru Senarathne

පිනි මල් අග රන්දා

හිත ආදරේ වින්දා


කාටදෝ කියනා දා

ආදරයක් තිබිලා


හසුනේ පිටු පෙරලා

තව ආදරේ ලීවා


හිතුවදෝ අපි දෙදෙනා

අවසන් වරයි මේ කියලා


නුඹව සොයනා මේ

යාමයේ තනියේ


තාරුකාවන් නෑ

පාර පෙන්වූයේ


මුසාවක් නේදෝ කියා

මා පැතුවේ


තව නෑ මගේ

ආදරේ නිවුනේ


මන්දාර අහසේ

තටු සොයලා මෙමා


තනිවී නුඹගේ

නමින් මතකේ මා


හඩනා හිතින් මා

නුඹ සොයනා දා


නොවෙදෝ අපගේ නමින්

සටහන් තිබිලා


අප හමුවී හිද නැවතී

සයුරේ ඉම ලගින්


වරු ගනනින් ගෙවෙනා

කාලේ යලිත්


නුඹ සැගවී යනවානම්

හිනැහී මා ලොවින්


කියලා යන්න

ආයේ ඇවිත්

Previous Next

نموذج الاتصال