සකුන්තලා | Sakunthala - Prabhasha Nethmi

තපෝ වන සරණා

රූ බරිය වන මා


හදේ පෙම අවුලා

පලා ගියේ කිම මා


සරා සඳ අවුලා

අමාවක දුක තවරා


සිනා බොඳ කරදා

පලා ගියේ කිම මා


සකුන්තලා

ප්‍රේමයේ සුව

කැන්දුවා නුඹ


නාවේ කිම මා

අඳුරේ දමා


කිසිදා නොදැනුණු

ප්‍රේමයේ සර පෑදුවා

නුඹ මා ලයේ


මල් නුවන් කිමදෝ

කිලුටින් හොවා මා


අඳුරේ දවා මා

නාවේ කිම මා අඳුරේ දමා…

Previous Next

نموذج الاتصال