තනිවෙන්නම් ඝන අදුරේ පවා
නුඹ පායන්නෙ නැතිදැයි හිත හිතා
හිරු මල් කිණිති ළය ගැඹරේ තියා
නුඹ එනවාද සිත්තම් මවා
රැකගන්නම් ඝන අදුරෙන් පවා
දුර ආකාහෙ රහසින් සැගවිලා
පුර පෝ සදට නුඹෙ ආලේ කියා
නුඹ ගාවිනම මං ඉන්නවා
රෑ සද ගාවින් ඉන්නම් මා
තව ආලෙන් ලං වෙන්න
මම ඈතින් ඉන්නම් හීනෙන් හීනේ නුඹ එනකන් බලා
ඇයි ඈතින් ඉන්නෙ බලා?
නුඹ ළගමයි ඉන්නේ මෙමා
සංසාරේ පුරා හිදින්න මාගේ සද වෙලා