ඉඳහිටක | Indahitaka - Thiwanka Mihiran

ඉඳහිටක මම පරණ මතකෙට

හොරෙන් එබිකම් කරනවා

පපු මැද්දේ ඇති බර සුසුම් ටික

ඔහේ පා කර හරිනවා


වරක් දෙවරක් නොවේ සියවර

හිතෙන් ඉකියක් ඇහෙනවා

හිතේ ගුලිකළ මතක වලටත්

තාම පණ නම් තියෙනවා


දුරින් උන්නත් හැමතැනම මට

නුඹේ සුවඳම දැනෙනවා

ආදරේ කළ වරද ඇරුණම

වුණේ මොකදැයි හිතෙනවා


නුඹ මවා දුන් හීන ලෝකෙම

තවත් මසිතේ තියෙනවා

බොඳ වෙච්ච එක හීනයක් ලග

ඇස් කෙවෙනි අග රිදෙනවා


තව තවත් නුඹ මගෙ නොවන බව

මගේ හිතටම කියනවා

ආදරේ ඇයි දැනුණෙ හිතකට

මටම මම දොස් නගනවා


හමුවුනත් මට කවදාක හරි

මග හරින්නට හිතෙනවා

මගේ නොවුනට නුඹේ උණුසුම

සදාකල් මට දැනෙනවා

Previous Next

نموذج الاتصال