බලසෙන් පිරිපුන් කරමින්
සැලසුම් මැනවින් තනමින්
දහසක් නිපැයුම් කරමින්
සෙබලුන් විරුවන් කරමින්
යුදෝප බලකා සෙබලු අපි…
අහසින් පොලවි සයුරින්
සුවිසෙස් නිපැයුම් ලබමින්
දහසක් විරුවන් වෙනුවෙන්
සැපයුම් නොපමා කරමින්
යුදෝප බලකා සෙබලු අපි…
දිරියෙන් විරියෙන් අවියෙන්
නිතැතින් පිරිසුම් කරමින්
රකිමින් නිපැයුම් පන මෙන්
සැපයුම් නිසිතැන මොහොතින්
යුදෝප බලකා සෙබලු අපි…
සංවිදිතයි වගකීමෙන්
සන්නද්දයි අත්දැක්මෙන්
විරුවන් බලසෙන් වෙනුවෙන්
නිබදව අප සූදානම්
යුදෝප බලකා සෙබලු අපි…
පෙරදින ජයපැන් වෙනුවෙන්
කැපවුනි දිවියෙන් හැගුමින්
හෙට දින දරුවන් වෙනුවෙන්
සුරකිමි ලක් මව දිවි හිමියෙන්
යුදෝප බලකා සෙබලු අපි…