සුරත් සුවය | Surath Suwaya - Supun Perera ft. Charitha Attalage

නිල් වරල පුරා

මල් අතුරලා බිඟුන් මත් කරන

රන් මුව මඩලින්

රැස් විසිරැවා

තෝඩුන් දිදුලවන


නම්නාද දී යන සත්ස්වරයෙන්

දෙසවන් සිල් බිඳින

හදසෙන් වැදී ගජසෙන් මඩිනා

දෙව්ලියේ ඔබ කවුද


ශෘංගාරී මගේ

හද විල් තීරයේ

බැස කිමිදෙන්න


දැහැනින් බැඳඋන්

සලෙලුන් මුදමින්

සුරත් සුවය විඳගන්න


මල් මකරන්දයෙන්

නා දලු තෙමා

මීවිත බොන්න


පෝසඳ අසලින්

පුන්සඳ තියා

සාවුන් සිපගන්න


හද හද බැඳී ගත ගත වෙලී යන

මේ රැය පුරාවට-වීණා වැයුමට

සකි පන්සිළු හට

ඇරයුම් කරන්නද?


ශෘංගාරී මගේ…


මේ නදුන් උද්‍යානයේ

දැහැනින් සුව වින්ද

සිත බොලඳ වෙයි සසැලෙයි

සොඳුරිය නුඹ නිසාමද


ශෘංගාරී මගේ…


දැහැනින් බැඳඋන්…

Previous Next

نموذج الاتصال