වැස්සක් වෙලා | Wassak Wela - Raveen Tharuka

සද සරසා තිබුනා

තරු හිනැහී උන්නා

මල් පිපිලා මන්දාරමේ


ඔබ හා මා බැදුනා

හද මඩලේ පිරුනා

වචනෙන් පවසන්න බෑ ආදරේ


ලදුනේ ඔය හෙවනැල්ල

සෙවනක් වෙලා

මා නිවෙනා තරම් ඔබ නිසා


සංසාරේ ඉදලද එන්නේ සුලගක් වෙලා

මේ සැනසීම දෑතේ දරා


වැස්සක් වෙලා

වහිනා තුරා

මං ආදරෙන් තෙමෙනවා


හුස්මක් වෙලා

හිස්තැන් මකා

මගේ ජීවිතේ සැරසුවා


දෑතේ වෙලිලා

ආලේ වෙරලේ

අපි දෙන්නා ඇවිදන් යමු


කාලේ ගෙවිලා

අවසානයෙන්

දෑතින්ම අල්ලන් ඉමු


අපි ලියනා අපේ කතාවේ

අවසානේ දුකින් නිමාවේ


මල් පිපෙනා දුහුල් තලාවේ

ඔය සුවදයි මගේ ආදරී


වැස්සක් වෙලා…


හුස්මක් වෙලා…

Previous Next

نموذج الاتصال