ආරාධනා දෑසින් ගෙනා
මුවගේ සිනා සිත කුල්මත් කලා
ලංවී ඉදින්නට ආයාචනා
ඉන්නම් දුරින් නුඹ හට ඇරයුම් තියා…
ආදරේ උණුහුම ගේනා
නෙත් කොණේ නුඹ ඒ පායා
පමා නොවී ආළේ කියන් මා හා
සීත සුසුමේ හාදු ගේනා
අනන්තෙන් එහා ලෝකේ පුරා
ආලේ වෙලී මාගේ වෙයන් සසරේ පුරා…
හැගුමන් ළයේ නොණිමී සදා
නුඹමයි මගේ පණ ලෝකේ පුරා
ආලේ හැගුම් යයි දෝරේ ගලා
සිඹ්මී නුඹේ සිත පෙම් කුසුමන් පොවා…
ආදරේ උණුහුම ගේනා
නෙත් කොණේ නුඹ ඒ පායා
පමා නොවී ආළේ කියන් මා හා
සීත සුසුමේ හාදු ගේනා
අනන්තෙන් එහා ලෝකේ පුරා
ආලේ වෙලී මාගේ වෙයන් සසරේ පුරා…