ඇස් දෙක පල්ලා | As Deka Palla - Saman Lenin

Verse 1

අහස පොළොව ඉර හඳ තරු

ගහ කොළ දෙවියන් පල්ලා


ගුරුවර මව්පිය නෑසිය

මගෙ හිත මිතුරන් පල්ලා


Verse 2


කිසිදා කිසි වරදක් නැති

දළදා කරඬුව පල්ලා


නුඹට මනාපයි තාමත්

මගෙ හිත ඇස් දෙක පල්ලා


Verse 3


ඇම්බැක්කේ මල්ලවපොර

කැටයම් වැන්නේ


නුඹෙ හිනා ගැට පැටලී

හිත කැරකෙන්නේ


Verse 4


සතර දිගේ දුවන සුළං

බැඳලනු වැන්නේ


නුඹ සහේට ගන්නයි

තුන්සිත ළතැවෙන්නේ


Verse 5


සුදු වලා කඩක් හැඳ

මගෙ සඳ පැමිණිච්චී


ගෙල මුතු පිනි බිඳු

මාල හතක් පැලදිච්චී


Verse 6


මිරිඟු දියෙන් අතපැන්

වඩනවා පෙනිච්චී


කඳුළු ගලාලා මහ

මුහුද මැවිච්චී

Previous Next

نموذج الاتصال