සඳට මා | Sandata Ma Kiyu Katha - Hashani Wasana x Senanga

Verse

හිමේ සඳ පායලා තිබුනට

එහේ සඳ පායලා නෑ තව


ඉතින් සඳ වෙත මා කියූ දුක

කෙසේ නම් ඔබ වෙත ඇහෙන්නද


Verse

මෙහා දේසෙක හීන නගරෙක

මගේ තනිකම තනි රකින විට


දන්නවා ලෝ කොහේ හෝ හිඳ

මගේ සිනහව නුඹ පතන බව


Verse

මහා ගීයක සඟවලා මම

නුඹේ ස්නේහය ගයනවා අද


සඳට මා කියු කතා එක දෙක

වැටෙනවා… කඳුළක්ව හෙමිහිට


Verse

මහා හීනෙක අතරමන් වී

ලොවේ කෙළවර සොයා ආ මම


මහා හීනෙක අතරමන් වී

ලොවේ කෙළවර සොයා ආ මම


Verse

ඇහැරෙනා දින වැටහෙනූ ඇත

සොඳුරුතම හීනය නුඹම බව


මහා ගීයක සඟවලා මම

නුඹේ ස්නේහය ගයනවා අද


Verse

සඳට මා කියු කතා එක දෙක

වැටෙනවා… කඳුළක්ව හෙමිහිට


මහා සෑයක සතපවා මම

මගේ ස්නේහය දවනවා අද


Verse

මහා සෑයක සතපවා මම

මගේ ස්නේහය දවනවා අද


මුසුව ඒ දුම වලාකුළු මත

වසී නම් නුඹගේ දෙපා ළඟ


Verse

මහා ගීයක සඟවලා මම

නුඹේ ස්නේහය ගයනවා අද


සඳට මා කියු කතා එක දෙක

වැටෙනවා… කඳුළක්ව හෙමිහිට

Previous Next

نموذج الاتصال