විල්තෙරේ | Vil There - Dulakshana Achintha ft Yasas Medagedara

Verse

විල්තෙරේ මල් පීදේවී

නුඹ මල් විලේ සීදේවී


මේ ආදරේ හරි

කවිකාරයි ප්‍රේමී..


Verse

මන්දිරේ ගිනි ඇවිලේවී

හද යන්තරේ නවතිවී


ප්‍රිය සාදයේ

අඟනුන් නුඹ පරදාවී…


Verse

රජ වාසල පහලින් ඉන්නම්

නුඹ එනකම් මල්මාලී


ගිණියම් රකුසන්ගේ

දැහැනින් මිදෙන් කුමරී


Verse

හිත පෑරෙන අයුරින් බැනපන්

ඉවසන්නම් සුකුමාලී


ගොම්මන් මo මාවතේ

තනියෙන් නොයන් කුමරී


Verse

පපුවට බර වැඩී ආදරේ

නුඹ දුන් හාදුවට මා මැරේ


හුලු අතු නිවුන යාමේදී

වැදුනි මට හී සරේ..


Verse

රන් කඳේ මගෙ සීදේවී

මට බහා දියන් සඳසාවී


Verse

අපි ගම් නියම් ගම් හැරදා යමු ප්‍රේමී…

මන්දිරේ තතු සැලවේවී


නුඹ ආයේ යන්නෙපා නතුවේවී

මo රාජ උදහසටත් බිය නෑ දේවී…

Previous Next

نموذج الاتصال