දුක වැඩි හින්දලූ කදුළු නෙතේ
ලග නැති හින්දලූ රිදුම් හදේ
යලි එන්න රිදවන්නෙ නෑ ආයෙ කිසිදාක මා ඔයා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා
කොතරම් කලාද ආදරේ
තරහින් ඇයි තව මා කෙරේ
හිත මාගෙ වැලපෙන්නෙ සිහි කරලා ඒ මතක හැමදා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා
දින දින ගතවෙන හිත හිත ඔබ ගැන
මුළු රැ ලතවෙනවා මා
මතකය සිහි වෙන හැම හැම වරෙම
තනියම වැලපෙනවා මා
ඔබ ලග නැති විට කකියන හදවත
තවමත් විදවනවා
හැම රැ සිහිනෙක ඔය රුව මව මව
මගෙ හිත දුක් වෙනවා
මා ලග සිටි ඒ කාලයේ
නැ මා ඔබෙ හිත රිදවුයේ
මට නේද ඔය දෑත හිමි වෙන්නෙ පවසන්නකෝ ඔයා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා
කොතරම් කලාද ආදරේ
තරහින් ඇයි තව මා කෙරේ
හිත මාගෙ වැලපෙන්නෙ සිහි කරලා ඒ මතක හැමදා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා
