ඉර හැරෙන වෙලාවට | Ira Harena Welawata - Api Machan

ඉර හැරෙන වෙලාවට

තාම කවි ගොතනවාද

මහ රෑට නිදි නැතිව

මතක පොත ලියනවද

මන් දුන්නු වතුසුද්ද

ගහේ මල් පිපෙනවාද

අපරාදේ අපි ආපු

දුර කියලා හිතෙනවද ..


වරු ගනන් මුමුණන්න

කෙනෙක් දැන් ඉන්නවද

ගව් ගනන් අත් බැඳන්

දුර ගමන් යනවාද

පැය ගනන් පොඩි දේට

තරහ වෙලා ඉන්නවාද

මට කරපු තරමටම

ආදරේ කරනවද ..


ඉර හැරෙන වෙලාවට ..

තවමත් එදා මතක

මට වගෙම මතකයිද

නෙතු පියා ගන්නවත්

බැරි තරම් කරදරද

මට වගේ මට හොරා

ඔය ඇසුත් තෙමෙනවාද

කූඩු වී යන දාට

නොකියා යන් නෑ නේද…


ඉර හැරෙන වෙලාවට

තාම කවි ගොතනවාද

මහ රෑට නිදි නැතිව

මතක පොත ලියනවද

මන් දුන්නු වතුසුද්ද

ගහේ මල් පිපෙනවාද

අපරාදේ අපි ආපු

දුර කියලා හිතෙනවද ..

Previous Next

نموذج الاتصال