කළු ආදරේ | Kalu Adare - Sajith Akmeemana & Diluka ft. Master D

කළු ආදරේ සුදු ආදරේ….

කෝ ආදරේ නෑ ආදරේ…


අව්වේ පිච්චෙන මහපාරේ

අත්දෙක අල්ලන් යන තාලේ

දැක්කම මගෙ මුළු පපුවම දනවා…


කාගෙද අම්මෙක් ඒ පාරේ

දරුවන් ඉන්නැති ඒ කාලේ

අපෙ අම්මව මට සිහි වෙනවා….


ලස්සන හින්දා නංගියේ

මාකට් වේවිද හන්දියේ

මුළු ලෝකෙම උඹ රවටනවා….


ඇදගෙන පලයන් ජීවිතේ

හිටියත් දවසම හාමතේ

දවසක කාටත් හරියනවා…


කළු ආදරේ සුදු ආදරේ….


මේවා ලාබයි ලාබයි ගන්න ඕනේ….

ලෝබයි ලෝබයි සල්ලි නෑනේ…

අපිටම අපි විකිණෙනවා…


තව කල්ලී කල්ලී හන්දී ගානේ…

මල්ලි මල්ලී හරී නෑනේ…..

උඹෙ හොඳ කාලේ පල් වෙනවා…

Rap :

ගෙන අතින සිරිවැසය රන් පැහැය බැබලුනා.. නන් ඔටුනු වැලපුනා,

කරන්න දෙයක් නැති වන්දි බට්ට රෑන් සල්ලි වල්ලෙ එල්ලි

හැරෙව්වා තුඩපෑන්.

පිපි තඹරන නද බඹරන

වන සඟල කෝ!! සඳට සරණ කෝ!! සතුට කෝ!

නිතිකඹුරන දන පිනවන

බණ මහන කෝ… අසපු කෝ සසුන කෝ…!!

අළුගෝසු වැඩ කරන සිහිසුන් මිනිසුන් රටෙ තාරුණ පිරිස් යැව්වා රට හොයන් සළුපට ධාරණ මදි කුසලෙ ලැබෙන්න පිංකඳ මාරම රටකි මේක ගෑනු බිලිදුන්න

හදන් රෙල්පාර සැමට යන්න තෙරපි තෙරපි කන්ද උඩට උඩට තනි පෙලට විදුලි පංකාව නිව්වා දාහෙ ගිමන මිහිමතට පෙරලි ඇදෙන ගස් කඳට බයව…


පාවෙලා යන මේ ගමනේ

හමුවන අය අතරේ…

හෙව්වෙ තිබුනද ආදරේ

කොහෙවත් නෑ තිබුනේ…

තරඟෙක පැටලුන ජීවිත පැරදුන

අය ලඟ නෑ තිබුනේ…

Previous Next

نموذج الاتصال