Ithin Ma - Yuki Navaratne

ඉතින් මා….පතමී ඔබෙ ආදරේ..

සිතින් මා …පතමී ඔබෙ ආදරේ..

හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම්…

හැම ආත්මයෙම මා ඔබව සොයා එන්නම්…


හෙලනා සුසුමක් ..ගෙවනා මොහොතක් ඔබ… හා

සිතනා තරමක්.. සිතුවේ ඔබ ගැන මා.. හා

ඉතින් මා.. ලං වුනා සිතින් පවා…

කියන් මා ..රිදෙව්වා ද ඔබ සදා…


ඔබෙන් මා…


සැනසුන එක මොහොතක් පාසා

ඉතින් මා….පතමී ඔබෙ ආදරේ..

සිතින් මා …පතමී ඔබෙ ආදරේ..


හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම්…

හැම ආත්මයෙම මා ඔබව සොයා එන්නම්…


වැටෙනා කදුලක් රිදෙනා සුසුමක් පාසා

ඔබ හා තව කල් ඉන්නට හිත කීවා

ඉතින් මා ඉගි කලා නෙතින් පවා

සිතින් මා බලන් උන්නා ඔබ දිහා

එයි කියා

ඔබ මා හා එක් වෙලා


ඉතින් මා….පතමී ඔබෙ ආදරේ..

සිතින් මා …පතමී ඔබෙ ආදරේ..


හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම්…

හැම ආත්මයෙම මා ඔබව සොයා එන්නම්….

Previous Next

نموذج الاتصال