මං හින්දා | Man Hinda - Damith Asanka

මං හින්දා කවදාවත්

කඳුළු සලන්නට එපා

නුඹ හින්ද මං වින්ද දුක

නුඹට දැණෙනු එපා

ඒ වේදනාව බර වැඩියි

ඒ වේදනාව බර වැඩියි

එය නුඹට උහුලන්න බෑ


මතකයිද ඔබ දුන්නු මුල්

හාදුව

මගෙ ඇස් තෙමුණා ඒ හැඟුම

උහුලන්නට

ඔබ හැරගියද මා තැනුව

සුන්දර ලොව

නුඹ ඉන්න යන තැනක

සතුටින් හෙට


යළි දිනක හමුවන්න මම

පතමිනි

බොඳ වෙච්ච හිත අස්සේ

නුඹ සඟවමි

රැක ගත්තු අපේ මතකේ මම

සුරකිමි

පුරවන්න බැරි වේවි නුඹ

නැති තනි


මං හින්දා කවදාවත්

කඳුළු සලන්නට එපා

නුඹ හින්ද මං වින්ද දුක

නුඹට දැණෙනු එපා

ඒ වේදනාව බර වැඩියි

ඒ වේදනාව බර වැඩියි

එය නුඹට උහුලන්න බෑ

Previous Next

نموذج الاتصال