මට දුන්නු දුක් ගින්න | Mata Dunna Duk Ginna - Damith Asanka

මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්

රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්

කොයි කාට වූවාද දුක් මේ තරම්

ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන්

අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්

කොයි කාට වූවාද මේ දුක් සුසුම්

ඉවසන්න හැකිවේද දුක් මේ තරම්


ළා රෝස මල් උයනෙ අපි පෙම් කළා

මල් වලට බඹරුන්ට පෙම් ගී ලියා

ඒ කාලෙ ආයේ යළි එන්නෙ නෑනේ

මධුමල් පිපේවී ද නුඹෙ ලෝකයේ


කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ

පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ

යළි එන්නෙපා දැන් සිත සෑදුවා මං

නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ

Previous Next

نموذج الاتصال