මතු සම්බන්ධයි - Mathu Sambandai - Pasindu Umayanga Ft Yasas Medagedara

නුඹ මා නේත්‍රාවේ - කල ඒ යාත්‍රාවේ
මිහිරයි හදේ හී බැඳුනේ
කඳුලැල් මාත්‍රාවේ - හැමදා පාත්‍රාවේ
සුසුමයි හදේ හී රැඳුනේ

පියවී ගියේ ඇයි දෝ මා ප්‍රේමාදරේ
මතු සම්බන්දයි මේ ආදරේ
සවනේ රැව්දේවී මිමිනූ රාවේ
ඇසුනාදෝ මාගේ ආමන්ත්‍රනේ

පාලුයි ජීවිතේ නුඹ ඈතයි මට හැඟේ
සිත පාවී යාවී නුඹ සොයාන සිහිනයෙන් වගේ//

වියැකේ වස්සානේ නිවුනා තරු අහසේ
ඔබ ඇයි නොකියා මැකුනේ
කවදා මේ වාගේ හමුවේදෝ ආයේ
පුදුමයි වෙන්ව ගිය කාලේ

පියවී ගියේ ඇයි දෝ මා ප්‍රේමාදරේ
මතු සම්බන්දයි මේ ආදරේ
සවනේ රැව්දේවී මිමිනූ රාවේ
ඇසුනාදෝ මාගේ ආමන්ත්‍රනේ

පාලුයි ජීවිතේ නුඹ ඈතයි මට හැඟේ
සිත පාවී යාවී නුඹ සොයාන සිහිනයෙන් වගේ//
Previous Next

نموذج الاتصال