නයිල් නදී - Nile Nadee | Stereomiinds

ක්ෂිතිජ මායිම් පීරා ගේනා
සුවද ඔබගේ වින්දා
දෑත දැවටී උනුහුම් වූ මා
සිහිනයෙක් ලග උන්නා
ඈත සයුරේ දෑසේ මානා
ඒවිදෝඔ හිත කිව්වා
සීත මෝසම් වර්ෂාවේ මා
තෙමී නොතෙමී උන්නා

මාගේ හදේ ආශා පුබුදා
සූර්යයා සේ දිදුලන්නා
වාලුකාවේ ගිනියම් වූ ගත
රෑ පුරා මා සිහිලෙන් දෝවන්නා
සොයා මා එනවාදෝ කුමරා
මගේ ලග සැනසෙන්නා
ශෝකයෙන් මේ චන්ද්‍ර ශෝබා
නයිල් නදී ගං හැරයන්නා

ශ්වේත තවරා ස්වේද යහනා
මග බලා කල් ගෙව්වා
බමරු ඇවිදින් දෑත ඉල්ලා
නුඹ නේන බව කීවා

මැදුරු සීමා පවුරු බිදලා
එන්නදෝ මා සිතුවා
රොන් නුබේ වූ කුසුමකී මා
එන්න මා වෙත පියඹා

මාගේ හදේ ආශා
Previous Next

نموذج الاتصال