අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ //
නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි//
අවසන් වරට...
මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//
අවසන් වරට...