මා නොගැයූ | Ma Nogeyu - Amal Perera Ft Kushani Sandareka

මා නොගැයූ ගීතේ

හැබැහින් මා ගයන්නේ

රෑ පිපුනු කදුලේ

සිසිල‍යි හද පුරන්නේ

මාගේ හිතේ සෝසුසුම් පිසදනා

අරුතක් තිබේ සැනසෙනා


මා නොගැයූ ගීතේ

හැබැහින් මා විදින්නේ

රෑ පාළු අහසේ

සදටයි තනි රකින්නේ

මා හද මැවූ ඒ පැතුම් පුබුදනා

ගගුලක් තිබේ නොසිදෙනා


කදුල කටුගෑ

නිහඩ කවියේ

මියුරු තනුවක් වෙවී

තනිය ඉපිලෙන

මුහුදු ගමනේ

සුන්දර අත්වැල් බැදී

හිස් අහසේ මන බදින

පද කල්පනා

සිත් යායේ මුමුනන්න

ගීයක් වෙලා

දෙසිතක හැගුම් මුසුවෙනා


මා නොගැයූ ගීතේ

හැබැහින් මා ගයන්නේ

රෑ පිපුනු කදුලේ

සිසිල‍යි හද පුරන්නේ

මාගේ හිතේ සෝසුසුම් පිසදනා

අරුතක් තිබේ සැනසෙනා


මා නොගැයූ ගීතේ

හැබැහින් මා විදින්නේ

රෑ පාළු අහසේ

සදටයි තනි රකින්නේ

මා හද මැවූ ඒ පැතුම් පුබුදනා

ගගුලක් තිබේ නොසිදෙනා



Previous Next

نموذج الاتصال