මන්දිරේ සැපසේ | Mandire Sapase - Sandeep Lamasuriya

මන්දිරේ සැපසේ මාවතේ සිතුසේ 

මල් ලෙසින් පිපුණු  යව්වනයේ  ඇයි බැදී මෙලෙසේ 

මත් රකුස් දැහැනේ ....//


මවුපියන් මහදුක් ගින්දර දරාලා 

මල්වගේ දරුවන් ලෝකෙට හදාලා 

සිප්සතර දුන්නේ

ඒ සොදුරු පැතුමන් 

බිදිලා සුන්වුනේ දස අතේ ... 

මත්කුඩු රකුසු දැලකි මල් වගෙ උන් රැගෙන ගියේ .....



ජාතියේ පෙරමුණ ගන්නට සිතාලා 

සිටි යොවුන් සුන්දර රූපය මැකීලා 

සවිය සිදිලා දිරිය නැතිවී 

ගත ගිලන්වී වතිරුනේ 

ලෝකය අපගේ නොවේදෝ සොයුරනේ 

මත්වී උමතු වෙලා අයි ය්ව්වනේ 

සුන්දර ආදරේ විදගමු ජීවිතේ 

දැවටෙනු එපා රකුසු දැලේ ....


මන්දිරේ සැපසේ මාවතේ සිතුසේ 

මල් ලෙසින් පිපුණු  යව්වනයේ ඇයි බැදී මෙලෙසේ 

මත් රකුස් දැහැනේ ....//



Previous Next

نموذج الاتصال