ගජමන් | Gajaman - Asiri Perera Ft Tharindu Damsara

පිපිමුදු ගෝමර ඇගේ ගතේ

ප්‍රේමාරාධන ළග සගවන්

කදුලක අවසන්

හසරැළි ගවසන්

හිටි ගැහැණිය නුඹ වේ ගජමන්


රෑ තුන් යාමේ නුඹ ගැන හදවත

සසැලෙන මොහොතක දෙනෙත් පියා

පන්හිද පිරිමැද කිසිවක් නොලියමි

වෙහෙසයි මට නුඹ ගැන ලියලා


නුඹගේ හීසර කවියක මුහුණත

වැදී සිදුරුවුණ ළය ද දරා

සමුගන්නා බව කියැවෙන කවියක

කුමටද එළිසමයක් තියලා


Previous Next

نموذج الاتصال