උන්මාදේ ඇහැරුව නිම්නාවී
මන්මත් වුනා සීතලෙන් වෙලී
සංසාරේ මා පැතුව රූ රාජිණී
ලංවෙන්නම් ආදරෙන්
නිල් වරලේ නුඹ සුවද විහිදෙන්නේ
සැනසෙන්නම් ආදරෙන්...
සදවත නිල් අහසට ඇවිදින්
නුඹ රුව ගැන විමසයි මහදෙන්
සුන්දරියේ
මා හදවතේ රගදෙන වදන් නුඹ නෙතගින් බලන්
ආදරයෙන්
සැමදා මෙසේ හිදිමින් පවසන්
මේ ආත්මයේ...
මුකුලිත වූ හදවත සෙයමින්
පවනක් වී පැමිනෙන් සිහිනෙන්
ජීවිතයේ
මා පැතූ සෙනේ නුඹ මයි ප්‍රියේ මා මන්මත් කලේ
නුඹ සෙනෙහෙන් මා ජීවිතේ සැමදා බැදෙන්
මා සදවතී..