සිතින් සිනා සිසී | Sithin Sina Sisi - Rookantha Gunathilaka & Chandralekha Perera

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා

එන්න යන්න මල් මාවතේ

සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ

පුංචි ආදරේ කතන්දරේ


ආදරේ නමින්

දිලෙන පහනේ පහන් සිලේ

දීප්ති බින්දුවයි ඔබ නයනේ

ඒ පහන් වැටේ

එළිය අප හා සිනාසුණා

යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි


සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා

එන්න යන්න මල් මාවතේ

සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ

පුංචි ආදරේ කතන්දරේ


රාත්‍රියේ රිදී

පොකුරු තරුවේ ඇඳී තියේ

රත්තරන් රුවින් පෙම් රේඛා

ජීවමාන වේ

සුවඳ හිරිමල් යොවුන් වියේ

පෙමේ සුසුම් පවා සුන්දරයි


සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා

එන්න යන්න මල් මාවතේ

සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ

පුංචි ආදරේ කතන්දරේ


පුංචි ආදරේ කතන්දරේ

එන්න යන්න මල් මාවතේ

එන්න යන්න මල් මාවතේ

පුංචි ආදරේ කතන්දරේ



Previous Next

نموذج الاتصال