සෝඩි ලැම හස | Sodi Lama Hasa - Arjuna Rookantha

සෝඩි ලැම හස පෑයු පමණින්

බඹර ගුම් නද ඇසූ තරමින්

නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න

එපා දෑතින් මලේ පෙති දිග හරින්න

එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න

එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න


දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න

නුඹේ පියාපත් තව ළපටි නොවෙදැයි සිතන්න

සිහින ඇති නිමාවක් නැති තරම්

ඒත් මේ ගැන සිතන්න

අපා දුක් විඳ වුවද කම් නැත

පොළොවේ පය ගහ සිටින්න

පොළොවේ පය ගහ සිටින්න


සෝඩි ලැම හස පෑයු පමණින්

බඹර ගුම් නද ඇසූ තරමින්


අග්නි වැලකට ඇවිද යා නොහැකි නමුත්

පුළුන් රොදක පාවෙලා යා හැකි බවත්

තරව සිහියට නගන්න

දැවි දැවී ජීවිතය කුමකට ගෙවෙන්නේ

නගේ ඩිංගක් හැඟුම් යටපත් කරන්න


සෝඩි ලැම හස පෑයු පමණින්

බඹර ගුම් නද ඇසූ තරමින්

නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න

එපා දෑතින් මලේ පෙති දිග හරින්න

එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න

එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න



Previous Next

نموذج الاتصال