හදේ මා රැදුනා ඒ කැල්මන් ආදරේ දැනුනාවේ
හිතේ නෑ ඔබ හැර වෙන පැතුමන්
ආදරේ දැනුනාවේ
පපු තුරුලේ ඔබෙ සුව විද ගන්නම්
සසරින් සසරට ඔබ ගෙන යන්නම්
දැනුනා ඔබමයි හිමිකරුවා මගෙ ආත්මයේ....
මේ හැම මොහොතේ ඔබෙ දෙනෙතේ මම පැටලීලා
මල් මාවතේ මේ ඇවිද යං අපි අත් පටලා
ආවාදෝ මා සද කුමරෝ අහසින් පොලොවට මා සොයලා
රැක ගන්නම් මා භවය පුරා ඔබගේ ආදරේ
කෙලෙස කියම්දෝ දැනෙනා හැගුම් මාගේ
මගෙ පණටත් වඩා මට වටිනවා නේ...
හදේ මා රැදුනා ඒ කැල්මන්..
මා සමුගන්නා මොහොත එනකල් මේ ජීවිතයේ
අවසන් හුස්මත් මා හෙලන්නම් ඔබෙ පපු තුරුලේ
කියනා වදනක් ගානේ ඔබමයි ඉන්නේ ආදරෙන්
රැක ගන්නම් මා භවය පුරා ඔබගේ ආදරේ
කෙලෙස කියම්දෝ දැනෙනා හැගුම් මාගේ
මගෙ පණටත් වඩා මට වටිනවා නේ..